top of page

American Ultra (2015) with Sinhala Subtitle | ඇමරිකානු රහස් ඔත්තු නියෝජිතයා. [සිංහල උපසිරැසි සමඟ]

මිනිත්තු 96 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Nima Nourizadeh නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Jesse Eisenberg නම් නළුවෙක්. Rio චිත්‍රපටි මාලාවෙ Bluට කටහඬ දීල තියෙන්නෙ මෙයා තමයි. ඊට අමතරව Twilight, Snow White and the Huntsman වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට රැසක රඟපාන Kristen Stewart නම් නිළියත් The Big Wedding, Spider-Man 3 සහ Predators වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට රැසක රඟපාන Topher Grace නම් නළුවත් මෙහි රඟපානවා.

කථාව පැත්තට හැරුනොත් මයික් හොවෙල් (Jesse Eisenberg) කියන්නෙ තමුන්ගෙ පෙම්වතියත් එක්ක සුපර් මාර්කට් එකක වැඩ කර කර ජීවත් වෙන කොල්ලෙක්. එහෙත් ඔහුගෙ සත්‍ය තත්ත්වය ඒක නෙවෙයි. එක්තරා රාත්‍රියක කිහිප දෙනෙක් ඔහුව මරා දමන්න උත්සාහ කරනවා. ඒකට හේතුව මොකද්ද? ඔවුන්ව මොහුව ඝාතනය කිරීමට හැකි වෙයිද? ඇත්තටම මයික් හොවෙල් කියන්නෙ කවුද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්න නම් චිත්‍රපටිය නරඹන්න වෙනවා. බලලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මේක භාරගෙන ටික කලක් වුණත් හොඳ සබ් එකක් අන්තර්ජාලයට නිකුත් වුනේ මීට දින 04 කට විතර කළින්. අසනීප තත්ත්වයෙන් හිටපු නිසා පොඩ්ඩ්ක් විතර පරක්කු වුනා. ඒකට සමාව ඉල්ලන ගමන්ම මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු….!

bottom of page