top of page

Shark Lake (2015) with Sinhala Subtitles | මෙන්න බොලේ මෝරු ඇළේ. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ ෆිලුම ගැන කියනවනම් මේක 2015 තිරගත වෙච්ච ඉතාමත් ත්‍රාසජනක ෆිලුමක්. IMDB 3.6 ක රේට් එකකුත් මේ ෆිලුමට ලැබිලා තියනවා. ඔයාලා මෝරුන්ගේ ෆිලම්ස් බලලා ඇතිනේ, ඒත් මේක නම් ඒ හැම එකකටම වඩා වෙනස් තේමාවක් ගන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේ මෝරගේ කේස් එක වෙන්නේ මුහුදේ නෙමෙයි. ඒ කොහෙද කියලා ෆිල්ම් එක බැලුවම ඔයාලටම දැනගන්න පුලුවන් වෙයි. ආහ් මේකත් කියන්න ඕන මේ ෆිලම් එකේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ සුපිරි නළුවෙක් වන Dolph Lundgren. පොර ඉන්න ෆිල්ම් ගැන ආයේ කියන්න දෙයක් නෑනේ, එකෙන්ම පට්ට පට පට.

කතාව ගැන කිව්වොත් මෙහෙමයි, මේකෙ ඉන්නවා ක්ලින්ට් කියලා සත්තු අල්ලන දඩයක්කාරයෙක්. ඇත්තටම මෙයාගේ ගෙදර සත්තු වත්තක්. මෙයා මේ සත්තු තියගෙන ඉන්නේ එයාගේ චූටි දරුවත් ගෙදර ඉද්දිමයි. කොහොමහරි මෙයා පොලීසියට කොටු වෙනවා. අර පොඩි දරුවා අවුරුදු ගානක් හදාගන්නේ පොලිස් නිලධාරිනියක්. කොහොමහරි මෙයාලා ඉන්නේ ඇළකින් වටවුනු නගරයක මේ ඇළේ නොහිතපු භයානක දෙයක් වෙනවා. මේ දේට මුල් වෙන්නේ අර ක්ලින්ට් කියන හාදයා. මේ සින් එක හින්දා ගොඩක් මින්ස්සු මැරෙනවා. ඇත්තම කිව්වොත් මේ ඝාතකයෝ තමයි මෝරු. මේ මෝරු කාගෙද? කොහෙන්ද ආවේ? අන්තිමට මොකද උන්ට වෙන්නේ කියලා ඔයාලම බලන්න. අම්බානෙට බයවෙයි , ආයේ නොකිව්වයි කියන්න එපා.   

ඉතින් කවුරුත් සබ් ඩවුන්ලෝඩ් කරනවා වගේම කමෙන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා.   හතරවෙනි  උපසිරසි නිර්මානයත් අරගෙන ඉක්මනට මේ පැත්තට එනවා,එතෙක් ජය!!

bottom of page