top of page

Jurassic World (2015) with Sinhala Subtitles | උද්‍යානය නැවත විවෘත වූ වගයි ! [සිංහල උපසිරැසි සමඟ]

තවත් සුපිරි ගනයේ සහ ලොකු පොඩි අපි හැමෝම බලාගෙන හිටපු දැවැන්ත සිනමා නිර්මාණයක් සමඟිනුයි මේ එකතු වෙන්නේ. අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ 1993 වර්ෂයේදී අපි හැමෝම බලපු Jurassic Park චිත්‍රපටය ගැන. මේ තියෙන්නේ ඒ චිත්‍රපටයේ දෙවැන්න හෙවත් ජුරාසික් ලෝකය. ඇත්තටම මේ චිත්‍රපටය නිර්මණය වෙන්නේ පළමු වැන්නෙන් වසර විසි දෙකකට පසුවයි. ඉතින් මේ චිත්‍රපටයේ වටපිටාව ගැන නොකියම බැහැ. මොකද යුනිවර්සල් ආයතනයට මේ අවුරුද්ද නම් ඩොලර් ඉතිරෙන අවුරුද්දක් නිසා. මුලින්ම Fifty Shades of Grey චිත්‍රපටය දුන්නු ආරම්භය තුන්ගුණයක් කරලා දුන්නේ Furious 7චිත්‍රපටය මගින්. දැන් ඒ පස්සෙන් එලවාගෙන එන්නේ Jurassic World චිත්‍රපටය. මම කලින් ලිපියකින් කිව්වා වගේම ලෝකයේ වැඩිම ආදායම් ලබපු චිත්‍රපට අතරින් සිව්වන ස්ථානයේ රැඳෙන්නේ Furious 7 චිත්‍රපටය. දැන් එහි පස්වෙනි ස්ථානය ලබාගෙන ඉන්නේ Jurassic World චිත්‍රපටයි. ඒ හැමෝම ලොකු බලාපොරොත්තු තියාගෙන හිටපු  Avengers: Age of Ultron චිත්‍රපටයේ ආදායම් වාර්තාවත් බිඳගෙන. බොහෝ දුරට ජුරාසික් ලෝකය චිත්‍රපට ලෝකයේ තෙවන වැඩිම ආදායමට හිමිකම් කියන්න ගොඩක් ඉඩ කඩ තියෙනවා. දැනට මේ චිත්‍රපටය ඩොලර් මිලියන 1,422ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම IMDb දර්ශකය තුල 7.4 ක අගයකුත් ලබාගෙන තියෙනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමා දක්ෂ ඉන්දියානු නළුවෙක් මේ චිත්‍රපටය තුල සහය නළුවෙකුගේ චරිතයක් රඟපානවා. ඔහු තමයි ඉර්ෆාන් කාන්. මෙහි ප්‍රධාන චරිතය ගාඩියන් ඔෆ් ද ගැලැක්සි චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක උන Chris Pratt කියන නළුවා දායක වන අතර Bryce Dallas Howard ප්‍රධාන නිළිය වශයෙන් දායක වෙනවා. ඒ වගේම කලින් චිත්‍රපටයේ යම් යම් අභාෂයන් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා කියල ඔයාලට දැකගන්න ලැබේවි. ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තියෙන්නේ Colin Trevorrow අධ්‍යක්ෂකවරයා විසින්. එහෙනම් කතාව ගැන කියනවා නම් මෙහෙම කියන්නම්.

1993 දී විවෘත කරලා විනාශ වෙලා ගිය මේ උද්‍යානය හොර රහසේම නැවත විවෘත කරන්න පිරිසක් මුදල් වියදම් කරලා. ඒ කලින් උද්‍යානය තිබුන ස්ථානයෙමයි. හැබැයි ඊටත් වඩා ගොඩක් තාක්ෂණික වශයෙන් දියුණු උද්‍යානයකට තමයි 2015 වසරේදී අපි පය තබන්නේ. කලින් උද්‍යානයේ දියුණුවට තිත තිබ්බේ ටී රෙක්ස් වර්ගයේ ලොකු ඩයිනොසරයෙක් කියල හැමෝටම මතක ඇති නේ. හැබැයි මේ සැරේ එන ඩයිනොසර් හාදයා ඊට වඩා දරුණු සහ දියුණු කෙනෙක් කියල තමා ආරංචිය. මොකද මෙයා ටී රෙක්ස් කියන ඩයිනොසර විශේෂය මූලික කරගෙන නිර්මාණය කරපු දෙමුහුන් වර්ගයේ විශේෂ හැකියාවන් සහිත විශාල සත්වයෙක්. එතනින් එහාට මොකුත් නොකියම ඉන්නම්. ඒ වගේම මේක කලින් බාරගෙන මට බාර දුන්න අපේ විමාටත් ශාතිශය ස්තුතිය පල කරනවා . එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්!! ජය වේවා !!!

bottom of page