top of page

No Escape (2015) with Sinhala Subtitle | මරණයෙන් ගැලවෙන්නට. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම තවත් ලස්සන Action, Thriller වර්ගයේ ෆිල්ම් එකක් අරං ආව. මේ චිත්‍රපටියට Lake Bell(ඇනී), Owen Wilson(ජැක්), Pierce Brosnan(හැමන්ඩ්) වගේ නළු නිලියන් රංගනයෙන් දායක වෙනව. ඒවගේම IMDB අගය 6.9ක් අරගෙන තියනව මේ වෙද්දි. චිත්‍රපටියේ රූගත කිරීම් කරල තියෙන්නෙ තායිලන්තය සහ වියට්නාමය යන රටවල් වල. ඇනී චරිතය සඳහා මුළින්ම තෝරගෙන තියෙන්නෙ Michelle Monaghan වුණත් චිත්‍රපටියේ කල් යාමත් එක්ක එයා ගැබ් අරං තියනව. ඒ නිසා තමයි ඒ චරිතයට Lake Bell අරං තියෙන්නෙ. කොහොමහරි බලන්න ලස්සන චිත්‍රපටියක්. මම එහෙනම් කතාව ගැන කියන්නං.

ජැක් සහ ඇනී කියන්නෙ ලුසී සහ බීස් යන ගෑණු ළමයි දෙන්නගෙ තාත්තයි අම්මයි. මේ හතර දෙනාම ජැක්ගෙ රස්සාවෙ වැඩ නිසා තායිලන්තයට එනව. ඉතිං මෙයාලට එන තරමඟදී ප්ලේන් එකේදී මුණගැහෙනව හැමන්ඩ් ව. මෙයාල හැමෝම නවතින්නෙ එකම හෝටලේ. මේ කාලෙදිම මේ රටේ අග්‍රාමාත්‍යතුමාව මරණව. ඒකට හේතුව වෙන්නෙ ජාල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවසර දීම කියල තමයි කියන්නෙ. මේවට හේතු මොනවද කියල ෆිල්ම් එකේ මැදක් යද්දි දැනගන්න පුළුවන්. කොහොමහරි මිනිස්සු පාරට බැහැල උද්ඝෝෂණය කරනව. ඒ විතරක් නම් මදැයි. මෙයාල ඇමරිකානුවන්ව හොය හොය මරණව. ජැක් ඇතුළු පවුල ඉන්න හෝටලේට පවා මේ මිනිස්සු එනව. හැම කෙනාවම මරද්දී ජැක් ඇතුළු කට්ටිය ජීවිත බේරගන්න දරන උත්සාහය ගැන තමයි කතාව යන්නෙ. ගොඩක් අමාරු භයානක තීරණ සහ අවස්ථා අතරින් තමයි මේ කථාව ගලාගෙන යන්නෙ. අන්තිමට මෙයාලට බේරෙන්න පුළුවන් වෙයිද? මේක බලාගන්න ඉතිං කතාව බලන්නම වෙනව. හරිනේ එහෙනම්. තවත් ලස්සන ෆිල්ම් එකකින් හමුවෙමු. ජය!!!

bottom of page